මෙි තරමි සියුමැලි ද කලුගල් විෂයෙහි වූ ප්‍රතිභාව නන් දේශයන්හි විසිර යෙත්. එය කායික ශ්‍රමය මූලික කොට ගත් දෘශ්‍ය කලා, පොදු ජන කලා හෝ ව්‍යවහාරික කලා ලෙසත් මානසික ශ්‍රමය සූක්ෂ්ම කොට ගත් සාහිත්‍යාදී විදග්ධ කලා වශයෙනුත් බහු විධ වේ. ගැදි පැදි නළු ඈ සාහිත්‍ය කලාහි නියුක්ත පැරණි ඡේකයෝ බොහෝ සෙයින් ම ධන බල ණැන ආදි ඖදාර්යයෙන් පෝෂිත වූහ. ඔවුහූ රාජ රාජ මහා මාත්‍යාදින්ගේ නො මඳ ආදර සත්කාරයට බඳුන් වූවෝ වෙති. සියබස්ලකර කතු අබා සළමෙවන් ද, කව්සිමිණි කතු කලිකල් සවැනි නිරිඳුන් ද, රජුහු වෙත්. අමාවතුර කතු ගුරුළුදැමියන් ද, බුත්සරණ කතු විදු සක්විත්තන් ද, රජමැදුරු සේවනය කළ පඬිවරු වෙතියි චිර සම්මත ය. තොටගමුවේ සිරි රහල්, වෑත්තෑවේ, වීදාගම ආදි පැවිදි යතිවරු ද, බොහෝ නැණ බල සපන් රාජ රාජ මහාමාත්‍යාදින්ගේ නො මද උපචාරයට ලක් වූවෝ වූහ. මෙ පරිද්දෙන් සාහිත්‍යාදී මනඃශ්රම සුක්ෂ්ම වියත් කලාවෙහි නියුත්ත වූවෝ වරප්රසාදිතයහ. එහෙත් එදිනෙදා දිවියෙහි අත්කම් බැර කම් ලිය කම් කරමින් ව්‍යවහාරික කලා පෝෂණය කළ පිත්තල වඩුවන්, ලී වඩුවන්, පන් වියන්නන් ගල් වඩුවන් බට පොතු වියන්නන් ආදිහූ අනේක විධ දුක්ඛ දෝමනස්සයන් අත් ව...
Comments
Post a Comment