ජනකවියේ ලක්ෂණ
ජනකවියේ ලක්ෂණ ජන කවියට ආවේණික වූ සුවිශේෂී ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකිය. i. ජන කවියේ වෙනස්වීම් මත කාල නිර්ණයේ අපහසුව ජන කතා වල ඇතැම් තැන් වෙනස් වූවද ජන කවියේ එම වෙනස සිදු වූයේ ඉතා සෙමිනි. කුමන හේතුවක් නිසා හෝ ජන කවියට වදනක් එක් වූයේ නම් ඒ එක් වූයේ මුල් අදහසට සමාන වන ලෙසිනි.යම් වචනයක් අමතක වී යන විට හෝ, ප්‍රදේශයකින් ප්‍රදේශයකට ප්‍රචලිත වීමේ දී එම ජනතාවට පුරුදු වචන, ප්‍රාදේශීය වහර ආදේශ වූ අයුරු ද හඳුනාගත හැකිය. මුඛ පරම්පරාගතව පැවත එන ජන කවිය පරම්පරා ගණනාවක් යුගයෙන් යුගයට පැවත ආවද ඒ ඒ කාලයේ ව්‍යවහාරය අනුකූල වෙමින් හැඩගැසෙන බැවින් මේ කාලයට අයත් ජන කවියකි යන්න නිර්ණය කළ නොහැක. ii. කර්තෘත්වය ජන කවිය ප්‍රබන්ධ කිරීම හා ගායනා කිරිම සිදුකර ඇත්තේ සාමුහිකව ය. එසේ ප්‍රබන්ධ කළ ජන කවිය මතක තබාගෙන නැවත ගායනා කළා මිස සටහන් කර තැබුවේ නැත. මුඛ පරම්පරාගතව පැවත ආ බැවින් කතෘ කෙනෙකු නොමැති බව ප්‍රකාශ කළ ද සත්‍යය වන්නේ ජන කවියෙහි කතෘ කෙනෙකුන් සොයා ගත නොහැකි ව...







Comments
Post a Comment